Tuesday, May 1, 2012

මහ රෑ සෙල්ලම්

මට මේ ටිකේ බරටම වැඩ තිබුණා. ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ.
මම කලින් කථාවෙ "කෝච්චියෙ ටිකට් ගැනීම" කිව්වෙ නවා කියල කෙනෙක් ගැන. බැලුවෙ නැත්නම් ගිහින් ඒකත් බලන්නකෝ.. මේ කථාවත් එයා ගැනම තමයි.

අපිට පෙලක් දවස් වල රෑ 8.00 වෙනකන් ක්ලාස් තිබ්බා. ඉතින් මේ ක්ලාස් ඉවර වෙලා අපි හැමදාම ගෙදර යනවා. කොහෙවත් බෝඩ් වෙලා හිටියෙ නෑ. නවා හිටියේ කොළඹ ඉදලා කි.මී. 88 විතර ඈත (සබරගමුව පලාතේ) රත්නපුරේ. හැබැයි මූත් හැමදාම ගෙදර යනවා. මූ ගෙදර යද්දි නම් හදපානේ තමයි යන්නේ. ඒ තරමට රෑ වෙනවා. අනිත් අයට නම් උපරිම පැය 1 1/2 යන්නේ.

එදත් ක්ලාස් ඉවර වෙලා අපි නෝමල් විදිහට ගෙදර ගියා. එදා සිකුරාද දවසක්, ඊලග සතියේ මුලත් නිවාඩු දවසක් ද කොහෙද නිසා බස් වල ටිකක් සෙනගත් හිටිය.

හදිසියෙම රෑ 12 ට විතර මට කෝල් එකක් එනව, මම ඉතින් කෝල් කරන එකාගෙ හත් මුතු පරම්පරාවම මතක් කරමින් කෝල් එක ආන්ස්වර් කලා. ඒ වේලාවෙ ඉතින් phone screen එක බලන්නෙ නෑනෙ.

මම : හෙලෝ කවුද?
නවා : අඩෝ මම නවා බන්...
මම : මේ යක්කු ගස් නගින වෙලාවෙ මොකද බන්?
නවා : අඩෝ මම මීපෙ ඉන්නෙ බන්..
මම : තෝ මෙච්චර රෑ වෙලා මීපෙ මොනවද කරන්නේ ගෙදර යන්නෙ නැතුව.
නවා : මම කොටුවෙන් බදුල්ල බස් එකකට නැගල ඉදගෙන ආවෙ, ගොඩගම හරියෙදි බදුල්ලට යන්න නැග්ග එකෙකුට සීට් එක දෙන්න වුනා මචං. ඒ බස් එකේ හිටගෙන යන්න බෑ එච්චරටම සෙනග.. තැලෙන එකෙත් සුපිරියටම තැලෙනවා, ඒක හින්ද මම මීපෙන් බැස්ස බන්.
මම : අනේ !@#%^#$.......................!@^%$$#$ දැන් තෝ ගෙදර යන්නෙ කොහොමද?
නවා : හරි හරි මම තව ටිකකින් කෝල් කරන්නම්..

ඊට පස්සේ තව පැයකින් විතර ආයිත් මුගෙන් කෝල් එකක් එනව...

මම : දැන් ගෙදර යන විදිහක් හරිද?
නවා : හරි මචං මම ගෙදරට කෝල් එකක් දුන්න අවිස්සාවේල්ලට එක්ක යන්න එන්න කියල, මම ත්‍රීවීල් එකක් කථා කරගෙන රු.1000 දීල අවිස්සාවේල්ලට ආවා....
මම : හරි දැන් ගෙදරින් ආවාද?
නවා : ඔව් දැන් ආවා.. මේ පොඩ්ඩක් ඉදපන් මම අපේ තාත්තට phone එක දෙන්නම්..
මම : හෙලෝ
නවා‘s පියා :හෙලෝ පුතා බලන්නකෝ මේ අපේ බූරුව කරල තියන දේ.. ..බ්ලාහ්.. බ්ලාහ්...
පොඩ්ඩක් ඉන්න පුතා මේ ආන්ටි ත් ඉන්නව..
නවා‘s මව : ..බ්ලාහ්.. බ්ලාහ්....

(නවාගෙ අනිත් මඤ්ඤං සීන් එක තමයි ඌ ගෙදර ඉද්දි කෝල් එකක් ගත්තොත් හරි ඌට ගෙදරින් කෝල් එකක් ආවොත් හරි ඌ වටේ ඉන්න එවුන්ට phone එක දෙනවා කථා කරන්න කියල.. උගෙ ගෙදර කට්ටියත් ඌටම ගැලපෙනවා)

පස්සෙ දවසේ බැලින්නම් අනිත් උන්ටත් ඒ විදිහටම මහ රෑ කෝල් කරල...

3 comments:

  1. යාළුවව ගෙදර නවත්ත ගත්තනම් ඉවරයිනේ... ඔච්චර දුර ඉදන් හෑමදාම එන්න පුළුවන්ද...
    :)

    ReplyDelete
  2. අපෝ ඌව ගෙදර තියාගත්තොත් මටත් උගෙ මඤ්ඤං වැඩ ප්‍රෙරණය වෙනව... :)

    ReplyDelete