Friday, April 20, 2012

කෝච්චියෙ ටිකට් ගැනීම

මම දැනට කොළඹ තියන තොරතුරැ තාක්ෂණ ආයතනයක උපාධියක් කරමින් තමයි ඉන්නේ. ඉතින් අපේ ක්ලාස් එකේ යාළුවෙක් ඉන්නවා නවා (ඇත්ත නම නෙවෙයි හොදේ) කියලා. ඌ අමුතු ඩයල් එකක්. පෙලක් (ගොඩක්) වේලාවට පිස්සු මඤ්ඤං වැඩ තමයි කරන්නේ. මූට හොදට සල්ලි තියනවා, ගෙවල් තියෙන්නේ කොළඹ ඉදලා කි.මී. 88 විතර ඈත (සබරගමුව පලාතේ).

මමයි, අපේ අනිත් සෙට් එකයි (2 දෙනයි), නවා යි කට්ටිය කෝච්චියේ කොහෙද මන්ද යන්න සෙට් වුනා (දිහා නම් මතක නෑ). කොහොම හරි කට්ටිය වෙන වෙනම වගේ තමයි ස්ටේෂන් එක ඇතුලෙදි සෙට් වුනේ. බලා ඉදල ඉදල ඔන්න යන්න ඕනෙ කෝච්චිය ආවා (මෙහෙ දුම්රිය සේවය වේලාවට වැඩ හින්ද හොදයි :D). කට්ටිය දැන් ට්‍රේන් එකේ යනවා. ඒ අතරේ නවා සල්ලි වගේකුත් අතේ තියාගන ඉන්නවා. අපි ඒක එච්චර ගනන් ගතේතේ නෑ,  පැය 1/2 ට විතර පස්සේ අපි ඇහුව "මොකද බන් ඔය සල්ලි අතේ තියාගෙන ඉන්නේ ?" කියලා.
මූ කියපි "ඇයි බන් ටිකට් ගන්නනේ..." කියල. අපිට නේද ඉන්නේ කොහෙද කියල මතක නෑ ඒ තරමට හිනා. ඒ අස්සේ අපේ එකෙක් අරෑගෙන් ඇහුවා "ඇයි උබ ටිකට් ගත්තෙ නැද්ද කියලා..?". එතකොට මේක කියපි "ටිකට් ගන්නේ කෙහෙද බන්, ටිකට් කඩන එකා තාම ආවයැ.." කියල (මූ ඒක සිරා මූඩ් එකෙන් කිව්වේ). ඊට පස්සේ අපි ඉතින් ඌට තොරනේ විස්තරේ පැහැදිලි කරල දුන්නා.

මූ සිරාවටම හිතල තියෙන්නේ බස් එකේ වගේ ටිකට් කඩන්න, ට්‍රේන් එකෙත් එනවා කියල. ඊට පස්සේ ඉතින් ඊළගට නවත්තපු ඉස්ටේෂන් එකෙන් අපේ එකෙක් ටක් ගාලා බැහැල ටිකට් එකක් අරන් ආවා.

Wednesday, April 18, 2012

ඔන්න මමත් පටන්ගත්ත



මම දැන් කාලයක ඉදන් බ්ලොග් කියවනවා. ඉතින් මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඔන්න මමත් එහෙනම් දැන් බ්ලොග් එකක අයිතිකාරයෙක්......... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල...